Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2020 20:20:02 Hours

අන්තර්ජාලය මාර්ගයෙන් කෝවිඩ් - 19 ආසාධිතයින් වෙනුවෙන් සහන සැලසීම සඳහා ‘රැකෙමු අපි’ නමින් අන්තර්ජාල සේවාවක්

කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මෙම ජාතික අවශ්‍යතාවය පිළිබඳ දැඩි සැලකිල්ලට දක්වමින් දියත් කරනු ලැබූ ‘මාර්ගගත විසඳුමක්’ වශයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ වෛද්‍ය සේවා සහ ඖෂධ අවශ්‍යතා සඳහා වන ඉල්ලීම් සපුරාලීම සහ පසුගිය දින 14 තුළ විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති කොවිඩ් - 19 වෛරසයේ රෝග ලක්ෂණ ඇති ඕනෑම රෝගියෙකු, සැක සහිත ජන සමූහයක් මෙන්ම පුද්ගලයෙක් පිළිබඳව වාර්තා කිරීම සඳහා https://rakemuapi.cmb.ac.lk සමඟ සම්බන්ධ වන ලෙස මහජනතාවගෙන් ඉල්ලිමක් කර ඇත.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සමඟ මෙම අන්තර්ජාල අඩවිය හරහා සම්බන්ධ විය හැකිය. Asics shoes | Men’s shoes