Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2020 18:40:23 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පිසින ලද ආහාර පාර්සල් කිළිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභා පවුල් අතර බෙදාදෙයි

කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින් පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් කිලිනොච්චි ප්‍රදේශයේ කච්කුවාරි, පුඩියකොලානේ, පනිච්චිකුලම් සහ ඕලුමඩු ප්‍රදේශවල විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 57 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි 574 වන බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින පිසින ලද ආහාර පාර්සල් සහ පානීය ජලය බෙදාදෙනු ලැබීය.

මීට සමගාමීව, 571 සහ 572 වන බලසේනා බලප්‍රදේශයන්හී දී ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කරගනිමින් කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වන සෞඛ්‍ය පිළිවෙත් සහ වැළැක්වීමේ ක්‍රියාමාර්ගයන් පිළිබඳ මහජනතාව දැනුවත් කරන ලදී.

කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ උපදෙස් පරිදි පවත්වන ලැබූ මෙම වැඩසටහන් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස් සිල්වා විසින් සමීපව අධීක්‍ෂණය කරනු ලැබීණි. buy shoes | balerínky