31st March 2020 14:40:18 Hours
මාතලේ, නාවුල විශේෂ බලකා රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් දිවයිනේ උද්ගතව ඇති වසංගත තත්ත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ගම්මානයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන පවුල් 23 කට වියළි ආහාර සලාක මළු සහ එළවළු පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ඉකුත් බදාදා (30) දින දියත් කරනු ලැබීය.
කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතීය හේතුවෙන් දෛනිකව ආදායමක් උපයාගැනීමට අපහසු ජනතාවට මුදලක් උපයාගැනීමේ කටයුතුහි නිරත වීමට නොහැකිවීම හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නොහැකිව සිටින පවුල් 23 කට අයත් 78 දෙනෙකු වෙනුවෙන් මෙම සළාක පාර්සල් බෙදාදීම සිදු කෙරිණි. සති දෙකකට සෑහෙන පරිදි සකස් කර ඇති මෙම සළාක පාර්සල් බෙදාදීමේ මානුෂීය ව්‍යාපෘතිය සඳහා විශේෂ බලකා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු සාමාජිකයින් රැසක් ද සහභාගී වූහ. Nike shoes | Air Jordan 1 Mid "Bling" Releasing for Women - Pochta