31st March 2020 14:37:45 Hours
මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ඉකුත් සඳුදා (30) දින එම ප්‍රදේශයේ පැවති ඇඳිරි නීතිය ඉවත් කළ කාලසීමාව තුළ සිවිල් වැසියන්ගේ අවශ්‍යතා සහ ඔවුන්ගේ ගැටළු පිළිබඳ සොයැබැලීමේ අරමුණින් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ සංචාරයක නිරත වූහ.
මෙම සංචාරය අතරතුර දී එතුමන් විසින් සාප්පු හිමියන් / වෙළෙන්දන් සෞඛ්‍ය මාර්ගෝපදේශ හා සමාජ දුරස්ථභාවය ආදි ආරක්‍ෂිත ක්‍රමවේද පිළිපදිනවාද යන කරුණු පිළිබඳවත් නිරීක්‍ෂණය කරනු ලැබීය. තවද, ආඥාපතිතුමන් 68 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 682 වන බලසේනාවේ බලසේනාධිපති හමුවූ අතර එහිදී, මෙම තත්වය පවත්වාගෙන යාම සහ මෙම මාරාන්තික වෛරසය වැළැක්වීමේ ක්‍රම පිළිබඳව ද කරුණු සාකච්ඡා කෙරිණි. Best Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth