30th March 2020 15:18:44 Hours
ඇඳිරි නීතිය පැනවූ කාල සීමාව තුළ දී වැලිඔය සම්පත්නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගජබාපුර, මායාවැව සහ මොණරවැව යන ගම්මානවල ජනතාව සිය දෛනික අවශ්‍යතාවයන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමේදී විවිධ දුෂ්කරතාවයන්ට ලක් විය.
මෙම ප්‍රදේශයේ පවතින ඇදිරි නීතී තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට නොහැකිව ඉතා අපහසුතාවයට පත්ව සිටින ප්‍රදේශවාසීන් වෙනුවෙන් 62 වන සේනාංකයේ සේනාංකාධිපති ලබාදුන් උපදෙස් මත මැදවච්චිය බහුකාර්ය සමූපකාර වෙළඳසැල්හී සහයෝගය ඇතිව 62 වන සේනාංකයේ, 621 වන බලසේනාවේ සහ 14 වන (ස්වේච්ඡා) පාබල හමුදාවේ භටපිරිස් විසින් විවිධ දුෂ්කරතාවයන්ට පත් ප්‍රදේශවාසීන්ට සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජංගම වැඩසටහනක් ඉකුත් බදාදා (25) දින දියත් කරනු ලැබීය.
මෙම ජංගම වැඩසටහන තුලදී අත්‍යවශ්‍ය ආහාර වන අර්තාපල් අල, පරිප්පු, බී ළූණු, ටින් මාළු, ලුණු පැකට්, සීනි, කුළුබඩු, බිස්කට්, ගිනිපෙට්ටි ඇතුළු දෛනිකව අවශ්‍ය වන පාරිභෝගික භාණ්ඩ ප්‍රදේශවාසින් වෙත අළෙවි කෙරිණි.මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සමුපකාර කාර්ය මණ්ඩලය, 62වන සේනාංකයේ සේනාංකාධිපති, 621 වන බලසේනාවේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරී, 14 වන (ස්වේච්ඡා) ශ්‍රි ලංකා පාබල හමුදා ඒකකයේ අණදෙන නිලධාරී සහ එම ඒකකයේ භටපිරිස් ඇතුළු 621 වන බලසේනාවේ භටපිරිස් සක්‍රීයව දායක වූහ.Sports Shoes | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret