Header

Sri Lanka Army

Defender of the Nation

30th March 2020 16:35:05 Hours

යාපනය භටපිරිස් මහජනතාව අතර දැවැන්ත සහන මළු බෙදා හැරීමේ සහ රෝහල් වල දැනට හිග වෙමින් පවතින රුධිර සංචිතයන් වෙනුවෙන් ලේ දන් දීමේ ව්‍යාපෘතියක් දියත් කරයි

කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින යාපනය අර්ධද්වීපයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල්වලට ඔවුන්ගේ දෛනික ජීවිකාව පවත්වාගැනීම සඳහා උපරිම සහය ලබාදීමේ අරමුණින් එම ප්‍රදේශයේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මෙන්ම එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් සහ ග්‍රාම නිලධාරිතුමන්ගේ උපදෙස් පරිදි එම ආරක්‍ෂක සේනා මූලස්ථානය සහ ඒ යටතේ ඇති සියළුම සේනාංක, බලසේනා සහ ඒකකයන්හී සේවයේ නියුතු භටපිරිස් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විවිධ අන්දමේ සහන බෙදාදිමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

ඒ අනුව යුද්ධ හමුදා වාහන මෙන්ම තවත් සම්පත් උපයෝගී කරගනිමින් ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින දියත් කරනු ලැබූ මෙම ව්‍යාපෘතියේදී රාජ්‍ය ආයතන විසින් සපයන ලද වියළි සලාක පාර්සල් 4,500 ක් යාපනය අර්ධද්වීපයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දෙන ලදී. මෙහිදී, සහල්, පරිප්පු, ටින් මාළු, කුළුබඩුු, එළවළු, කිරිපිටි ආදී වියලි ආහාර සලාකයන් ඇතුළත් මළු රජයේ නිලධාරින් විසින් සපයන ලද තොරතුරු වලට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් එම ප්‍රදේශයේ වෙසෙන මහජනතාවගේ නිවෙස් වලටම ගොස් පරිත්‍යාග කරනු ලැබීය.

එමෙන්ම, උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව පසුගිය දින හතර තුළ (මාර්තු 25-28) දියත් කරනු ලැබූ තවත් ව්‍යාපෘතියක දී යුද්ධ හමුදා සාමාජිකයින් විසින් යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභී පවුල් 12,000 ක් අතර තිරිඟු පිටි කිලෝග්‍රෑම් 24,000 ක් පමණ බෙදාදීමට කටයුතු කර ඇත. මෙම ව්‍යාපෘතිය රාජ්‍ය නිලධාරින් මෙන්ම සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් මෙන්ම අණදෙන නිලධාරින්ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරන ලදී. මෙම ව්‍යාපෘතියට අදාළව එකි සහනාධාරයන් මහජනතාව අතර බෙදාදීම සඳහා යුද්ධ හමුදාව විසින් ට්‍රක් රථ, බස් රථ සහ සැහැල්ලු වාහන ද ලබා දී ඇත.

මේ අතර, ඉකුත් අඟහරුවාදා (24) දින යාපනය ශික්‍ෂණ රෝහලේ ලේ බැංකුවේ දැනට පවතින රුධිර සාම්පල සංචිත යලි සම්පූර්ණ කිරීමේ අරමුණින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ පිහිටි 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ දී යුද්ධ හමුදා සාමාජිකයින් ලේ දන් දීමේ ව්‍යාපෘතියක් සංවිධානය කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා යාපනය ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය සිය සහයෝගය දැක්විය. මෙම අවස්ථාවට සහභාගී වූ නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් සිය රුධිරය පරිත්‍යාග කිරිමෙන් එම සමාජ සත්කාරයට සිය දායකත්වය දැක්වූහ. Asics footwear | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5