31st March 2020 20:14:26 Hours
පූනානි සහ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානවල දී සති දෙකක නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කළ විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින් 134 දෙනෙකුගෙන් යුත් හත්වන කණ්ඩායම අද (30) දින අදාළ වෛද්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව එම සෞඛ්‍ය පරීක්‍ෂණයන්ට භාජනය වීමෙන් පසු නිරෝධායන සහතික ලබා සිය නිවෙස් බලා පිටත් වූහ.
එමෙන්ම, ගාල්ල, කොළඹ, මහනුවර සහ කුරුණෑගල වැනි ප්‍රධාන ගමනාන්තයන් හී පිහිටි තම නිවෙස් බලා පිටත් වූ නිරෝධායනයට ලක් වූ එම පිරිසට ප්‍රවාහන පහසුකම් ද ලබාදුන් යුද්ධ හමුදා සාමාජිකයින් එම පිරිස අතර සිටි කුඩා දරුවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින් එම පිරිස් වෙත එම ගමන්වාරය තුළ පරිභෝජනයට ගැනීම වෙනුවෙන් කෙටි කෑම, දිවා ආහාර පාර්සල් මෙන්ම පිරිසිදු පානීය ජල බෝතල් ද ලබාදී තිබිණි.
නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව නිම කර නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටත්ව යන පිරිසට සමුදීම සඳහා එම නිරෝධායන මධ්‍යස්ථානයන්හී අණදෙන නිලධාරින් මෙන්ම නිලධාරීන් සහ සෙසු නිලයන් ද සහභාගී වූහ. Running sport media | Jordan Ανδρικά • Summer SALE έως -50%