Header

Sri Lanka Army

Defender of the Nation

30th March 2020 22:50:24 Hours

දිවයිනේ දැනට උද්ගතව ඇති තත්ත්වය හමුවේ රජය විසින් ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා මහජනතාව සහ වෙළඳ සැල් හිමියන් උනන්දු විය යුතු බව - ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති අවධාරණය කරයි

රට පුරා උද්ගතව ඇති වත්මන් තත්ත්වය යථා තත්ත්වයට පත්කිරිමේ අරමුණින් ඉකුත් ඉරිදා (29) දින සන්ධ්‍යාවේ මාධ්‍ය වෙත විශේෂ හඩපටයක් නිකුත් කරමින් කෝවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, මහජනතාවගේ පහසුව සඳහා සඳුදා (30) දින ඇතැම් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මහජනතාව, පාරිභෝගිකයින් මෙන්ම වෙළඳ සැල් හිමියන් ද අදාළ වෙළඳ ගනුදෙනු සිදු කිරිමේදී පුද්ගලයන් අතර දුරස්ථභාවය තබාගතයුතු බව මෙන්ම අදාළ අනෙකුත් සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශයන් දැඩිව පිළිපැදිය යුතු බවද මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ක්‍රමානුකූලව මහජනතාවට සියළුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා ආහාර වර්ග නිකුත් කරන බව වෙළඳ සැල් හිමියන් සහතික කළ යුතුය. මිනිසුන් එක් වෙළඳ සංකීර්ණයකට හෝ කඩ සාප්පුවකට සමූහයක් වශයෙන් එක්රැස්වීමෙන් වැළකී සිටිය යුතු අතර, ඒ වෙනුවට ඔවුන්ට වෙනත් ආහාර වෙළඳසැල් සහ සිල්ලර වෙළඳසැල් භාවිතා කළ හැකිය. ඇඳිරි නීතිය ලිහිල් කරන කාල සීමාව තුළ ඔබ මෙම මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය නොකරන්නේ නම් මෙම මාරාන්තික වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවධානම ඔබ විසින්ම ඇතිකරගනු ලබයි. මෙම සියලු ක්‍රියාමාර්ග ඔබගේ යහපත සඳහා වන හෙයින්, මෙම සෞඛ්‍ය අර්බුදයේ තීරණාත්මක මොහොතේදී සංයමයෙන් සහ සමාජ වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මේ පිළිබඳව වන සම්පූර්ණ හඩ පටය පහතින් දක්වා ඇත: Sneakers Store | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite