Header

Sri Lanka Army

Defender of the Nation

30th March 2020 17:29:54 Hours

පූනානි සහ ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනයට ලක් වූ 77 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් සිය නිවෙස් බලා පිටත් වෙති

පූනානි සහ ගල්කන්ද පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුරා සති දෙකක කාල සීමාවක් නීරෝධායනයට ලක් වූ 77 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් අද (29) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය ප්‍රතිකාර සහ නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

එමෙන්ම ගාල්ල, කොළඹ, මහනුවර සහ කුරුණෑගල වැනි ප්‍රධාන ගමනාන්තයන් හී පිහිටි තම නිවෙස් බලා පිටත් වූ නිරෝධායනයට ලක් වූ එම පිරිසට ප්‍රවාහන පහසුකම් ලබාදුන් යුද්ධ හමුදා සාමාජිකයින් එම පිරිස අතර සිටි කුඩා දරුවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින් එම පිරිස් වෙත එම ගමන්වාරය තුළ පරිභෝජනයට ගැනීම වෙනුවෙන් කෙටි කෑම, දිවා ආහාර පාර්සල් මෙන්ම පිරිසිදු පානීය ජල බෝතල් ද ලබාදී තිබිණි.

නිරෝධායන කාල සීමාව සාර්ථකව නිම කිරීමෙන් පසු පිටත්ව යන පිරිසට සමුදීම සඳහා අදාළ නීරෝධායන මධ්‍යස්ථානයන්හී අණදෙන නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් පැමිණ සිටියහ. Running Sneakers | Air Jordan