28th March 2020 20:20:29 Hours
කෝවිඩ් - 19 වෛරසය පැතිරයාම හේතුවෙන් රට පුරා උද්ගතව ඇති හදිසි තත්ත්වයත් සමඟ ජනතාවට සහය දැක්වීමේ අරමුණින් විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උදාර සංකල්පයක් මත මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර පාරවිලයන සංචිත යළි සම්පූර්ණ කිරීමේ සඳහා මාතලේ නාවුල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඉකුත් සදුදා (23) දින දියත් කරනු ලැබීය.
මෙම මනුෂත් ක්‍රියාවට 1 වන විශේෂ බලකායේ නිලධාරීන් 124 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයන් 247 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් වෛද්‍ය නිලධාරීන් ඇතුළු රුධිර බැංකු නිලධාරීන් වෙත ඔවුන්ගේ රුධිර සංචිතයන් පරිත්‍යාග කළහ.
මේ අතර, 2 වන විශේෂ බලකායේ සහ විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේ නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් 123 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඉකුත් අඟහරුවාදා (25) දින පදවිය ග්‍රාමීය රෝහල වෙත සිය රුධිර සංචිතයන් පරිත්‍යාග කිරිමට ඉදිරිපත් වී තිබුණි.
රුධිර පාරවිලයනය සඳහා ජාතික අවශ්‍යතාවයක් මතුවුවහොත් ඕනෑම අවස්ථාවක රට පුරා විසිරි සිටින යුද්ධ හමුදා සාමාජිකයින් නැවත වරක් වෛද්‍ය බලධාරීන්ට ඔවුන්ගේ රුධිරය පරිත්‍යාග කිරීමට සුදානමින් සිටියි. Sports News | Nike Air Force 1 , Sneakers , Ietp STORE