28th March 2020 20:20:04 Hours
කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධීපතිගේ සහ 651, 652 මෙන්ම 653 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්ගේ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව ඉකුත් ඉරිදා (22) දින 65 වන සේනාංක බලප්‍රදේශය ජීවත්වන අඩු ආදායම්ලාභි පවුල් වෙත වියළි ආහාර පාර්සල් 47 ක් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් බෙදාදෙනු ලැබීය.
පවතින ඇඳිරි නීති කාලය තුළ නිවෙස් වලින් පිටතට යාමට නොහැකිව වඩාත් පීඩාවට පත්ව සිටින පවුල්වලට සහයවීමේ අරමුණින් තෝරාගත් පවුල් වෙනුවෙන් මෙම ප්‍රජා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබිණි.
651, 652 සහ 653 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්ගේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ප්‍රජා ව්‍යාපෘතිය 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එම්.එච්.ඩී බණ්ඩාර විසින් අධීක්‍ෂණය කළ අතර 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 20 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් මෙම වියළි ආහාර සලාක බෙදාදීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම සඳහා සක්‍රීයව දායක වූහ. best Running shoes | Ανδρικά Nike