28th March 2020 16:53:34 Hours
පවතින වත්මන් තර්ජනයට එරෙහිව යුද්ධ හමුදා භටපිරිස්හි සූදානම, එම තර්ජනයන්ට දක්වන ප්‍රතිචාර යනාදිය පිළිබඳ සොයාබැලීමේ අරමුණින් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න, වෙල්ලාන්කුලම් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවූ අතර එහිදී, ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන බලධාරින් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය.
මෙම සාකච්ඡාව සඳහා 65 වන සේනාංකයේ සේනාංකාධිපති, 651 වන බලසේනාවෙහි බලසේනාධිපති, බුවනෙක නාවික හමුදා කඳවුරේ නිලධාරි අණදෙන, මුලන්කාවිල් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සහ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින් රැසක් ද සහභාගී වූහ. best Running shoes brand | Air Jordan