Header

Sri Lanka Army

Defender of the Nation

28th March 2020 15:53:34 Hours

‘ලයා ලෙෂර්’ කාර්ය මණ්ඩලය හොරණ ලේ බැංකුව වෙත ලේ පරිත්‍යාග කරති

දිවයිනේ දැනට උද්ගතව ඇති හදිසි තත්ත්වය මත රෝහල් මට්ටමින් ඇති රුධිර සංචිත හිඟවීම නිසා හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ අපේක්‍ෂාවෙන් ඉකුත් සිකුරාදා (27) දින කුකුලේගඟ ප්‍රදේශයේ පිහිටි ‘ලයා ලෙෂර්’ නිවාඩු නිකේතනයේ කාර්ය මණ්ඩලය හොරණ රෝහලේ ලේ බැංකුව වෙත රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් සිය දායකත්වය දැක්වූහ. රට තුළ පවතින හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ලේ බැංකු සමඟ සහයෝගයෙන් යුතුව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් මෙන්ම අදාළ සියළු සංවිධාන වෙතින් ඉල්ලීමක් ද සිදුකර ඇත.

මෙම රුධිරය පරිත්‍යාග කිරීමේ අවස්ථාව සඳහා ‘ලයා ලෙෂර්’ නිවාඩු නිකේතනයේ ප්‍රධාන විධායක නිලධාරි බ්‍රිගේඩියර් එම්.ආර්. ගුණසේකර ඇතුළු මාණ්ඩලික නිලධාරීන් 21 දෙනෙකු මෙන්ම සෙසු නිලයින් ද සහභාගී වී සිය රුධිරය පරිත්‍යාග කිරීමෙන් දායකත්වය දැක්වූහ. Buy Sneakers | Air Jordan Release Dates 2021 Updated , Gov