29th March 2020 17:00:50 Hours
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු අද (28) දින යුද්ධ හමුදා මූලස්ථානය අසල පිහිටි මුළුතැන්ගෙයි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ නිරීක්‍ෂණය කිරීම සඳහා එම පරිශ්‍රය ආශ්‍රිතව හදිසි නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.
පාර්ලිමේන්තු චතුරශ්‍රයට ආසන්නයේ පිහිටි මෙම නව අංගසම්පූර්ණ මුළුතැන්ගෙයි පරිශ්‍රය තුළ යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුුතු සෙසු නිලයින් 4000 කට පමණ පිසින ලද ආහාර සැපයිමේ හැකියාව පවති. වර්තමානයේ, එම ආහාර පිසීම නාරහෙන්පිට සිදු කරනු ලබන අතර යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මඟින් ආපනශාලාව හරහා සහනදායී මිල ගණන් යටතේ සෙසු නිලයින්ට ආහාර සපයයි.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු සියළුම සෙසු නිලයින් සඳහා උසස් තත්ත්වයේ උණුසුම් ආහාර වේලක් ලබාදීම වෙනුවෙන් මෙම වසරේ අප්‍රේල් මස අවසන් වීමට ප්‍රථම එම මුළුතැන්ගෙයි ඉදිකිරීම් කටයුතු නිම කරන ලෙස 14 වන ඉංජිනේරු සේවා බලකායට උපදෙස් ලබා දී ඇත.
මෙම සංචාරය අතරතුර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම මුළුතැන්ගෙයි පරිශ්‍රයේ ඉදිකිරීම් සැලැස්ම සමීපව නිරීක්‍ෂණය කරමින් එහි සාධ්‍යතාව ඇගයීමට ලක් කල අතර 14 වන ඉංජිනේරු සේවා බලකයේ අණදෙන නිලධාරි සහ එම භටපිරිස් සමඟ ඉදිකිරීම් කටයුතු පිළිබදව විමසීමක් ද සිදු කළේය. මෙම අවස්ථාව සඳහා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර, නඩත්තු හා කළමණාකරන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ප්‍රශාන්ත විමලසේන ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී වූහ. Adidas footwear | Nike React Element 87