27th March 2020 21:30:14 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ අදාළ ග්‍රාම නිලධාරීන් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන සාමාන්‍ය වැසියන්ට අවශ්‍ය තිරිඟු පිටි කිලෝග්‍රෑම් 2 බැගින් වූ පැකට් 2904 ක වියලි ආහාර සලාක සංචිතයක් ඉකුත් බදාදා (25) දින එම ජනතාව අතර බෙදාදෙන ලදී.
රටේ දැනට උද්ගත වී ඇති හදිසි තත්ත්වය හේතුවෙන් දිගින් දිගටම පණවන ලද ඇදිරි නීතිය හමුවේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන ජනතාවට සහන සැලසීම සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න විසින් ලබාදුන් උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි. Sports brands | UOMO, SCARPE