27th March 2020 22:00:58 Hours
දිවයිනේ දැනට උද්ගත වී ඇති තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 306/සී සිංහ සමාජය සහ කොළඹ කොටුව සිංහ සමාජය එක්ව ඔවුන්ගේ වගකීම ඉටු කරමින් සිකුරාදා (27) දින කොවිඩ් - 19 ආසාධිත රෝගීන් වෙනුවෙන් හදිසි අවස්ථාවකදී භාවිතා කිරීම සඳහා පනාගොඩ පිහිටි යුද්ධ හමුදා රෝහල වෙත රෝහල් ඇඳන්, මෙට්ට, රෝද පුටු, ඇවිදීමේ ආධාරක, වෛද්‍යවරුන් සඳහා විශේෂයෙන් නිපදවන ලද ආසන, කිහිලිකරු, වෛද්‍ය උපකරණ, ශාරීරික යෝග්‍යතා උපාංග, මුහුණු ආවරණ වැනි අත්‍යවශ්‍ය උපාංග තොගයක් පරිත්‍යාග කරනු ලැබීය.
306/සී/01 දිස්ත්‍රික්ක සිංහ සමාජයේ සභාපති මහින්ද පෙරේරා සහ කොළඹ කොටුව සිංහ සමාජයේ සාමාජිකයින් එක්ව පනාගොඩ ප්‍රදේශයේ පිහිටි බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය නැරඹීමෙන් අනතුරුව රුපියල් මිලියන 2.5 ක වටිනාකමකින් යුත් මෙම වෛද්‍ය උපකරණ තොගය බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න වෙත භාරදෙනු ලැබීය.
මීට අමතරව, එම පරිත්‍යාගශීලීන් විසින් ඇතැම් ප්‍රදේශයන්හී අවශ්‍යතාවයන් සහිත පවුල් අතර බෙදා දීම වෙනුවෙන් වියළි ආහාර සලාක ඇසුරුම් තොගයක්ද යුද්ධ හමුදාව වෙත ලබා දී තිබිණි.
මෙම පරිත්‍යාග වැඩසටහන යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින්ගේ සහය ඇතිව බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරී විසින් සංවිධානය කරන ලදී. Best Sneakers | Air Jordan 1 Retro High OG Retro High OG Hyper Royal 555088-402 , Fitforhealth