Header

Sri Lanka Army

Defender of the Nation

27th March 2020 20:26:37 Hours

572 වන බලසේනාවේ භට පිරිස් විසින් පිසූ ආහාර පාර්සල් සහ පිරිසිදු පානීය ජලය මිනිසුන් අතරේ බෙදා දෙති

දැනට දිවයිනේ උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් විශ්වමඩු ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන සිවිල් වැසියන්ට කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්නගේ මඟපෙන්වීම යටතේ 57 වන සේනාංකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ 572 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.එම්.පී.පී දිසානායක ගේ උපදෙස් මත 572 බලසේනාවේ භට පිරිස් විසින් පිසූ ආහාර පාර්සල් සහ පානීය ජලය බෙදාදීම ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින සිදු විය.

කොවිඩ් - 19 වෛරස් තත්ත්වය හේතුවෙන් මේ වන විට රට පුරා පණවා ඇති ඇඳිරි නීතිය නිසා සිය නිවාස වලින් පිටතට යාමට නොහැකිව බලවත් අපහසුතාවයට පත්ව විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන ජනතාව වෙනුවෙන් මෙම සමාජ සත්කාරක ප්‍රජා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබුණි. කොවිඩ් - 19 තර්ජණයට අදාළව එහි වර්ථමාන වර්ධනයන් පිළිබදව හමුදා භටයින් විසින් මහජනතාව දැනුවත් කළ අතර, එහිදි පොලිස් නිලධාරීන්ගේ ද සහයෝගය ඇතිව මහජනතාව ඇමතීම සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර ආධාර කොටගෙන තිබුණි. Sport media | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth