27th March 2020 19:26:37 Hours
දැනට ක්‍රියාත්මක කොවිඩ් - 19 නිරෝධායන ක්‍රියාවලිය, පිළිබඳ බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ තත්ත්වය, සම්ප්‍රේෂණය වැලැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයන් සහ වැළැක්වීමේ වැඩපිළිවෙල පිළිබඳ කරුණු වීමසීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් (HE Sarah Hulton) මහත්මිය ඉකුත් බදාදා (25) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී කොවීඩ් - 19 පැතීරී යෑම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සුහඳ පිළිසදරක නිරත විය.
එම සාකච්ඡාවේදී සන්නද්ධ හමුදාවන් විසින් සිදු කරන ලද කාර්යභාරය සහ කර්තව්‍යන් පිළිබද කරුණු පැහැදිලි කළ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ ත්‍රිවිධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත සන්නද්ධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන කන්දකාඩු සහ පූනානි යන ස්ථානයන්හී පැය කිහිපයක් තුළ වැඩි දියුණු කර නිරෝධායනයට සුදුසු අයුරින් සකස් කළ බවය. මේ වන විට දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ නීාරෝධායන කටයුතුවල නිරතව සිටින බ්‍රිතාන්‍ය ජාතිකයින්ට අවශ්‍ය සියළු පහසුකම් මෙන්ම ඔවුන්ට ලබා දෙන ආහාර වර්ග ආදිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බව හා දැනට එම මධ්‍යස්ථානවල ක්‍රියාත්මක වන ක්‍රියාමාර්ග පිළිබදවද කෙටි පැහැදිලි කිරිමක්ද යුද්ධ හමුදාධිපතිතුමන් සිදු කළේය. තවද සති දෙකක නිරෝධායන කාළසීමාව අවසන් වූ පසු එම පිරිස සිය නිවෙස් බලා පිටත් කර හැරීම පිළිබදවද කරණු පැහැදිලි කිරිමක් එතුමන් අතින් මෙම අවස්ථාවේදී සිදු විය.
මෙම සාකච්ඡාවේදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් තුමිය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්, ඖෂධ, වෛද්‍ය උපාංග ආදියෙහි අවශ්‍යතා පිළිබඳව කරුණු විමසමින් දෙරටේ සිටින වෛද්‍ය විශේෂඥයින් හුවමාරු කර ගනිමින් මෙම ගෝලීය තර්ජනයට මුහුණ දීමේ වැදගත්කම පිළිබද අවධාරණය කළේය. තවද මෙම වෛරසය තවදුරටත් පැතීරීම පාලනය කිරීම සඳහා සිය අත්දැකීම් සහ ගතහැකි ක්‍රියාමාර්ග පිළිබදවද කරුණු ඉදිරිපත් කළේය.
ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිරෝධායන, මධ්‍යස්ථාන පිහිටා ඇති ස්ථානයන් මෙන්ම විවිධ නිරෝධායන මධ්‍යස්ථානවල ඇති පහසුකම් පිළිබඳව ද කෙටි පැහැදිලි කිරිමක් එහිදි සිදු කළේය. මෙම සුහද හමුව අවසානයේ දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. Asics shoes | Womens Shoes Footwear & Shoes Online