27th March 2020 17:28:52 Hours
සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (26) දින පස්වරුවේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.
අද (26) දින පස්වරු 4.45 ට පමණ අවසන් වන පැය 24 ක කාලය තුළ මෙරටින් කිසිදු කොවිඩ් - 19 වෛරස් රෝගී ආසාධිතයෙකු පිළිබද තොරතුරු අනාවරණය වී නොමැති බවත් ඉදිරි දින කිහිපය තුළ මෙම තත්ත්වය එයාකාරයෙන් පවතිනු ඇතැයි අනුමානකරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අවධාරණය කළාය. එමෙන්ම දින 14 නිරෝධායන කාලසීමාව තුළ මෙම වෛරස් රෝගී තත්ත්වය ආසාදනය වී ඇත්නම් එහි උච්චතම අවස්ථාව එළඹිය හැකිබව පැවසු ඇය කොවීඩ් -19 වෛරසය ආසාධනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ පුද්ගලයින් සිව්දෙනෙකු අද උදෑසන සිය නිවෙස් බලා පිටත්ව ගිය අතර ඔවුන් යම් කාලයක් ඔවුන්ගේ නිවෙස්වල නිරෝධායනයට ලක්වනු ඇති බවද සඳහන් කළාය. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත ජාතියේ යහපත උදෙසා ඔවුන් ඉටුකරන දැවැන්ත කාර්යභාරය පිළිබඳව හමුදාපතිතුමන් ඇතුළු යුද්ධ හමුදාවට විශේෂ ස්තූතියක් ජාතිය විසින් පිරිනමනු ලබන බවත් ඒ හා සමානව, බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන් රෝහල් වෙත රැගෙන යන ‘සුව සැරිය’ ගිලන්රථ සේවාවට අදාළ කාර්ය මණ්ඩල සාමාජිකයින්, ඔවුන්ගේ ජීවිතවලට විශාල අවදානමක් තිබියදීත්, කරන ලද සේවය වෙනුවෙන් අපගේ විශේෂ ගෞරවය හා අගය කිරීමට ලක්විය යුතු බවත් රටක් වශයෙන් මෙම වෛරස් ආසාදිත බවට සැක සහිත පුද්ගලයින් නිරෝධානයට ලක්කර ක්‍රමානුකූලව සමාජගත කිරිමට අනුගමනය කරන ලද ක්‍රමවේදයන් පිළිබඳව අපට සෑහීමකට පත්විය හැකි අතර, මෙම තීරණාත්මක මොහොතේදී සිය නොමසුරු දායකත්වය ලබාදෙන සියලුම වෛද්‍ය නිලධාරීන්ට සමස්ථ ජාතියේ උපහාරය පිරිනමනු ලබන බවත් අමාත්‍යවරිය මෙහෙිදි වැඩිදුරටත් සඳහන් කළාය.
ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍යයට පැවසුවේ කන්දකාඩු, දියතාලාව, මීයන්කුලම් සහ පූනානි යන නිරෝධායන මධ්‍යස්ථානවල සති දෙකක කාලයක් රැඳී සිටීමෙන් පසු තවත් පුද්ගලයින් 223 දෙනෙකුගෙන් සමන්විත එක් කණ්ඩායමක් අද (26) යුද්ධ හමුදාව විසින් සපයනු ලබන ප්‍රවාහන පහසුකම් උපයෝගී කරගනිමින් සිය නිවෙස් බලා පිටත්ව ගිය බවයි. ඔවුන්ගෙන් සිව්දෙනෙකු දකුණු කොරියානුවන් සහ ඉරාන වැසියන් බවටද වාර්ථා වී ඇත. “මේ දක්වා නිරෝධායනය කරන ලද පුද්ගලයින් 678 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇත. මේ වන විට විදේශිකයන් 27 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 2866 ක් ද ඇතුළු පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන 46 ක නිරෝධායන ක්‍රියාවලියේ නිරතව ඇත. එලෙසම, නිරෝධායනයෙන් පසු වැඩි පිරිසක්, කන්දකාඩු සහ දියතලාව නිරෝධායන මධ්‍යස්ථාන වලින් හෙට (27) දින සිය නිවස් බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා” යැයි කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් සිල්වා පැවසීය.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ මෙම මාරාන්තික වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ට යුද හමුදාව දක්වන සහයෝගය බෙහෙවින් අගය කරන බවයි. ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී රණවිරුවන්ට උපහාර දැක්වූ ආකාරය හා සමානව සියලුම සෞඛ්‍ය සේවකයින්ට ඉහළම ගෞරවය ලබා දෙන ලෙස මහජනතාවගෙන් එතුමන් ඉල්ලා සිටි අතර මේ වන විට නම් කර ඇති අධි අවධානම් කළාප වන කොළඹ දිස්ත්‍රික්කයෙන් 22ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 14 ක් සහ ගම්පහා දිස්ත්‍රික්කයෙන් 10 ක් මේ වන විට හදුනාගෙන ඇති අතර ඊට අමතරව පුත්තලම් දිස්ත්‍රික්කයෙන් රෝගීන් 9 ක් සොයාගෙන ඇති බව හා සායනයන්ට සහභාගී වෙමින් තම නිවෙස් වල හිද වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට නියමිත ඔෘෂධ එම නිවෙස් වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බවද වෛද්‍ය ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. Buy Kicks | Autres