Header

Sri Lanka Army

Defender of the Nation

27th March 2020 15:19:41 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් හමු වූ රුසියානු තානාපතිතුමන් දැනට ලොව සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ්-19 වෛරස් රෝගයේ ප්‍රවණතාවයන් පිළිබඳව සාකච්ඡාවක

රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු යූරි මැට්රීයි (Yury Materiy) මහතා බ්‍රහස්පතින්දා (26) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

ඉන් අනතුරුව, ඔවුන් දෙදෙනා අතර පැවති සුහද සාකච්ඡාවේදී කොවිඩ් - 19 වෛරස් රෝගය පැතිර යාම වැළැක්වීමේ ක්‍රියාන්විතය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ගේ කාර්යභාරය මෙන්ම එම වෛරස් රෝගයට අදාළ ගෝලීය වර්ධනයන් සහ එහි වේගවත් සම්ප්‍රේෂණය, රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්වීපාර්ශවික සබඳතා ආදී කරුණු සම්බන්ධව වැඩි අවධානයක් යොමු විය. මෙහිදී, රුසියානු ජනරජයේ තානාපතිතුමන් අදාළ නිරෝධායන මධ්‍යස්ථානවල දැනට රඳවා සිටින විදේශිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය මෙන්ම වෛරස් රෝගය පැතිර යාම වැළැක්වීම වෙනුවෙන් රජයේ රෝහල්වල අනුගමනය කරන ක්‍රමවේදයන් හා වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පිළිබඳවද සොයා බැලීය.

මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි විශේෂ අමුත්තන් වෙනුවෙන් වෙන්කර ඇති කාර්ය්‍යාලයේ තිබූ සමරු සිහිවටන පොතේ සුභපැතුම් කිහිපයක් සනිටුහන් කිරීමට ද එතුමන් කටයුතු කළේය. මෙම අවස්ථාව වෙනුවෙන් රුසියානු තානාපති කාර්ය්‍යාලයේ ආරක්‍ෂක උපදේශකතුමන් ද එක්විය. Mysneakers | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ