Header

Sri Lanka Army

Defender of the Nation

26th March 2020 13:15:45 Hours

කොවීඩ් - 19 වෛරසය මැඩලීමට ලාංකික සමාජ මාධ්‍ය ප්‍රභලයෝ අත්වැල් බැදගනිති

කොවිඩ් - 19 මාරාන්තික වෛරසය ශ්‍රී ලංකාව තුළ තවදුරටත් පැතිර යෑම වැළැක්වීම සඳහා රජය මගින් ගෙනයනු ලබන නිවාරණ වැඩපිළිවෙලට සහයෝගය ලබාදීම වෙනුවෙන් ඉකුත් බදාදා දින රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතීරීම වැළැක්වීමේ ජාතික නිවාරණ මධ්‍යස්ථානයේදී පැවති විශේෂ හමුවකදී දිවයිනේ ප්‍රකට සමාජ මාධ්‍ය ජාලා වන අෂාන් ඔන්ලයින් (Ashan Online), නවා (Nava), එවර් ලවිං (Ever-Loving), ජනයි ප්‍රියයි (Janai-Priyai), වස්ති (Wasti), ස්ටුඩියෝ රැට්ටා (Studio Ratta), විගඩම (Wigadama), ට්‍රැවල් විත් වයිෆ් (Travel with Wife), චූටී මල්ලී ඇන්ඩ් පොඩි මල්ලී (Chooti Malli & Podi Malli), හි සාමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙකී වැඩපිළිවෙල වෙනුවෙන් සිය නිර්මාණාත්මක කලා කුසලතාවයන් යොදාගන්නා ආකාරය පිළිබඳ හමුදා මාධ්‍ය ප්‍රකාශක මෙන්ම යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සමගින් සාකච්ඡා කරන ලදී.

මෙම විශේෂ හමුවට සහභාගී වූ සියළුම සාමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අදාළ වෛරස් රෝගය පැතිරයාම වැළැක්වීමේ නිවාරණ වැඩපිළිවෙල වෙනුවෙන් සිය පූර්ණ සහයෝගය රජය වෙත ලබාදෙන බවට සහතික වූ අතර එහිදි මහජන සෞඛ්‍ය පිළිබදව මහජනතාවට නිසි අවබෝධයක් ලබාදෙමින් ඔවුන් දැනුවත් කිරිමටත් මෙම රෝගය සම්ප්‍රේෂණය විය හැකි ආකාරය සහ නිරෝධායන ක්‍රමවේදයන් මෙන්ම වෛරසය තවදුරටත් පැතිරයාම වළක්වා ගැනීම සඳහා සමාජයේ පුද්ගලයන් අතර අවම වශයෙන් මීටරයක දුරක්වත් පවත්වාගැනීමේ ඇති වැදගත්කම, යහපත් සෞඛ්‍ය පුරුදු හා සාමාජයේ වගකිවයුුතු පුද්ගලයන් වශයෙන් ඇති සාමූහික වගකීම ආදී කරුණු මෙම විශේෂ හමුවේදී ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය. තවද මෙම වගකීම් ඉටුකිරිමේදී ත්‍රිවිධ හමුදා විසින් කරනු ලබන දායකත්වය, වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙන්ම නිරෝධායන මධ්‍යස්ථානයන්හී සේවයේ නියුතු කාර්ය මණ්ඩල වෙතින් ඉටුකෙරන සේවය පිළිබඳව ද මෙම සාමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ ඉමහත් ප්‍රශංසාවට ලක්විය.

මෙම වි‍‍ශේෂ හමුවට එක් වූ එම සමාජ මාධ්‍ය ජාලාවන්හි ක්‍රියාකාරීන් ඇමතු යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ රට ඉතාමත් තීරණාත්මක අවස්ථාවකට එළඹ ඇති මොහොතක උපකාර කිරීමට ඉදිරිපත්වීම පිළිබඳව ඔවුන් වෙත සිය ප්‍රශංසාව පළ කළ අතර එම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ අනාගත බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි ද ප්‍රාර්ථනා කළේය. spy offers | Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp