Header

Sri Lanka Army

Defender of the Nation

24th March 2020 11:00:52 Hours

නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඇතුළත් කරනු ලැබූ පළමු කණ්ඩායම සිය නිවෙස් බලා පිටත් වේ

පූනානි (203) සහ කන්දකාඩු (108) ප්‍රදේශයන්හී පිහිටි නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන ක්‍රියාවලියන්ට භාජනය වී සිටි 311 දෙනෙකුගෙන් යුතු පිරිසක් අද (24) දින උදෑසන වෛද්‍ය ක්‍රමවේදයන් සහ නිරෝධායන ක්‍රියාවලී සම්පූර්ණ කිරීමෙන් අනතුරුව එම නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නික්ම යනු ලැබුවේ එම මධ්‍යස්ථාන වෙතින් ඔවුන් වෙත නිකුත් කරනු ලැබූ නිරෝධායන සහතිකපත් ද සමඟිනි.

ගාල්ල, කොළඹ, මහනුවර සහ මාතර යන ප්‍රදේශයන්වල වෙසෙන මෙම නිරෝධායන ක්‍රියාවලියට භාජනය වූ පිරිස වෙත අදාළ ප්‍රදේශ වෙත යාමට ප්‍රවාහන පහසුකම්ද සපයනු ලැබීය. මීට අමතරව, එම කණ්ඩායමේ සිටි ළදරුවන් සහ ළමුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් ඔවුන් යන ගමන් වාරය අතරතුර අවශ්‍ය වන කෙටි ආහාර, ජලය සහ දිවා ආහාර පාර්සල් ද, ළදරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම සකසන ලද ආහාර ද ලබාදෙන ලදී.

එම කණ්ඩායම නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කරමින් නික්මයෑමේ මෙම අවස්ථාවට නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු, 23 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම සෙසු නිලයින් ද සහභාගී වූහ. bridgemedia | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite