24th March 2020 10:00:38 Hours
කොවිඩ් - 19 වෛරසය සම්ප්‍රේෂණය වීම වලක්වා ගැනීම උදෙසා ශ්‍රි ලංකා යුද්ධ හමුදා ‘රණවිරු ඇපරල්’ ආයතනය විසින් ආසාදිත පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සහ නිරෝධායන කටයතු සිදුකිරීමේදී වෛද්‍ය කණ්ඩායම්වලට භාවිතා කළ හැකි බූට් ආවරණ සහිත මයික්‍රෝ ෆයිබර් ඇඳුම් කට්ටල නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇති අතර ඉකුත් සදුදා (23) දින සෞඛ්‍ය සේවා අමාත්‍යාංශයේ පැවති සරල උත්සවයකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් සහ සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන තාක්‍ෂණික නිලධාරී වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත පළමු නිෂ්පාදන තොගය භාරදෙනු ලැබිණි.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙනුවෙන් ‘රණවිරු ඇපරල්’ ආයතනයේ සේනාවිධායක, මේජර් ජෙනරාල් මංජුල මනතුංග විසින් පළමු ඇඳුම් කට්ටලය භාරදීම සඳහා එම අවස්ථාවට සහභාගී වූ අතර නව තාක්‍ෂණය යටතේ සීලර් යන්ත්‍ර මගින් මයික්‍රොන් 137 (පොලිතින්) භාවිතා කරමින් මෙම ඇඳුම් කට්ටල අඩු වියදමකින් නිෂ්පාදනය කර ඇත. යුද්ධයෙන් ආබාධයට පත් වූ රණවිරුවන් සියයක් පමණ මෙම ඇදුම් කට්ටල නිෂ්පාදනය කිරිම සඳහා සේවයේ යෙදී සිටින අතර කර්මාන්ත ශාලාවට එම සීලර් යන්ත්‍ර සැපයීමට ඩාර්ලි (පුද්ගලික) සමාගම ඉදිරිපත් වී තිබිණි. මෙම නිෂ්පාදන ක්‍රියාවලිය යුද්ධ හමුදාධිපතිගේ උපදෙස් පරිදි ‘රණවිරු ඇපරල්’ ආයතනයේ සේනාවිධායක ගේ අධීක්‍ෂණය යටතේ අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත.
මෙම යක්කල සහ අලව්ව ප්‍රදේශයන්හී පිහිටි ‘රණවිරු ඇපරල්’ ආයතනය නවීන තාක්‍ෂණයන්, අවම පිරිවැයකින් උපරිම ප්‍රතිඵල ලබාගත හැකි උපාය මාර්ග සහ කාර්යක්‍ෂමතාව උපයෝගී කරගනිමින් නිලධාරීන් සහ සෙසු නිලයන් වෙනුවෙන් ඉතා උසස් තත්ත්වයේ නිල ඇඳුම් දීර්ඝකාලීනව ආදිය නිෂ්පාදනය කරනු ලබයි. best Running shoes | Releases Nike Shoes