Header

Sri Lanka Army

Defender of the Nation

24th March 2020 09:53:21 Hours

නිරෝධායන කටයුතු වලින් තොරව මෙරටට ඇතුළු වූවන් වහා ලියාපදංචි වන්නැයි ‘කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන්’ ඉල්ලීමක්

‘කොවීඩ් - 19’ වෛරසයෙන් ආසාධිත වූවන් තවත් 7 දෙනෙකු ශ්‍රී ලංකාව තුලින් සොයාගැනීමත් සමඟින් මෙරට තුලින් වාර්ථා වූ 70 වන ‘කොවීඩ් - 19’ ආසාධිත රෝගියාද අද (20) දින පස්වරුව වන විට වාර්ථා වූ බව අද දින පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී ‘කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ’ මුලසුන දැරූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

මේ අනුව, අද වන විට ශ්‍රී ලංකාව තුළ පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන 17 ක ‘කොවීඩ් - 19’ ආසාධිත බවට සැක කෙරෙන පුද්ගලයන් 2738 ක් රඳවා සිටින අතර ඉන් තිස්දෙනෙකු මෙරටට පැමිණි විදේශිකයන් වේ.

එමෙන්ම, ඉන්දියාවේ චෙන්නායි නුවර වන්දනාවෙහි නිරතව සිටියදී ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් සමාගම සතු යූ.එල්. 122 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයින් 97 දෙනෙකුගෙන් සමන්විත ගුවන් මඟින් කණ්ඩායමක් ද අදාළ නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇත.

තවද, විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණ අදාළ නිරෝධායන ක්‍රියාවලියන් වලට භාජනය නොවී මඟහරිමින් සිටින සියළුම පුද්ගලයින් රජය මඟින් සිදුකරගෙන යනු ලබන නිරෝධායන ක්‍රියාවලියට යටත්ව එහි ලියාපදිංචි වන ලෙසට ‘කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය’ මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකරනු ලබයි.

මේ අතර, අද (20) දින 1800 පැයේ සිට සඳුදා (23) දින උදෑසන 0600 පැය දක්වා රජය විසින් දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. කෙසේ වුවද, අත්‍යවශ්‍ය සේවාවල නිරත වන සේවකයින් හට ඇඳිරි නීතිය බලපැවැත්වෙන වේලාවන්හිදී සිය සේවා ස්ථාන කරා වාර්ථා කිරීම වෙනුවෙන් තම සේවා හැඳුනුම්පත බලපත්‍රයක් වශයෙන් භාවිතා කිරීමේ හැකියාව පවතින බවටද රජය වැඩිදුරටත් දැනුම් දී තිබේ. Running Sneakers Store | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos