Header

Sri Lanka Army

Defender of the Nation

20th March 2020 06:31:41 Hours

‘කොවිඩ් - 19 වෛරසය පැතිරයාම වැළැක්වීම’ පිළිබඳව බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් දැනුවත් කරයි

‘කොවිඩ් 19 වෛරසය පැතීරීම වැළැක්වීම’ පිළිබඳ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධිකරණ නිලධාරී ලුතිනන් කර්නල් චන්දිමාල් වෙලගෙදර ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා (18) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැති මෙම වැඩසටහන සඳහා බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි වූහ.

කාලෝචිත අවශ්‍යතාවය මත මෙම වැඩසටහන බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ උපදෙස් මත සංවිධානය කර තිබිණි.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේදී නිරෝධායන ක්‍රියාවලියේ වැදගත්කම, ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ න්‍යායාත්මක අංශ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලදී.

මෙම වැඩසටහන සඳහා පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි අධ්‍යක්‍ෂ මණ්ඩල, රෙජිමේන්තු, ඒකක සහ ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ. buy shoes | 『アディダス』に分類された記事一覧