20th March 2020 10:31:41 Hours
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 212 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් තන්තිරිමලේ කටුකැළියාව ප්‍රදේශයේ පදිංචි අසරණ පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවස ඉකුත් සෙනසුරාදා (මාර්තු 14) දින පැවති උත්සවයකදී යුද්ධයෙන් දිවිපිදු වීරෝධාර රණවිරුවෙකුගේ භාර්යාව ඇතුළු දරුවන් වෙත පවරා දෙනු ලැබීය.
21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ විසින් අනුරාධපුර රෝහලේ වෛද්‍ය මධුෂිකා කොස්තා වෙතින් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දැක්වීමට එතුමිය එකඟ විය. මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි විසින් එම පවුලේ සාමාජිකයින් වෙත නව නිවසේ යතුරු භාරදිමෙන් අනතුරුව එම නිවස උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
මෙම නව නිවස සාලයක්, කෑම කාමරයක්, නිදන කාමර කිහිපයක්, නාන කාමරයක් සහ මුළුතැන්ගෙයකින් සමන්විත වන අතර නිවසට අවශ්‍ය ජල පහසුකම් විදුලි මෝටරයක් භාවිතා කරමින් ලබාදී ඇත. මෙම අවස්ථාවේදී, නිවසේ ප්‍රතිලාභියා වන වයි.ඩබ්ලිව්. මනෝරා කුමාරි මහත්මිය වෙත අත්‍යවශ්‍ය ගෘහ උපකරණ, විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ කිහිපයක් ද ප්‍රදානය කරන ලදී.
සම්ප්‍රදායානුකූලව මෙම නිවස විවෘත කිරීමේ උත්සවය සඳහා එම නිවාස ප්‍රතිලාභීන් ඇතුළු පවුලේ ඥාතීන්, යුද්ධ හමුදා නිලධාරින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද සහභාගී වූහ. Asics shoes | nike air max 95 obsidian university blue book list