Header

Sri Lanka Army

Defender of the Nation

20th March 2020 08:31:41 Hours

3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ 21 වන සංවත්සරය වෙනුවෙන් නිවාඩු නිකේතනයක් විවෘත කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සිය 21 වන සංවත්සරය මාර්තු මස 1 දින අනුරාධපුර නෙලුම්කුලම ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකා මූලස්ථාන පරිශ්‍රයේදී සමරනු ලැබීය.

මෙම සංවත්සර දින (1) එම පරිශය වෙත සපැමිණි 3 වන ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ අණදෙන නිලධාරි මේජර් ආර්.එම්.ඩී.බී. රාජපක්‍ෂ වෙත එම බළකායේ භටපිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ඇමතූ එතුමන් කඳවුරු පරිශ්‍රයේ ‘මී’ පැළයක් ද රෝපණය කරනු ලැබීය. පසුව, 3 වන ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ නිලධාරින් සහ සෙසු නිලයින් තේ පැන් සංග්‍රහයක් සහ විශේෂ සංවත්සර දිවා ආහාරයක් සඳහා සහභාගී වූහ.

මෙදින දිවා කාලය තුළ, 3 වන ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ භටපිරිස් විසින් එම ඒකක පරිශ්‍රයේ ඉදිකරනු ලැබූ ස්ටාර්ලයිට් රෙස්ට් නැමැති වෛද්‍ය බලකා නිවාඩු නිකේතනය එම බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ විසින් මහත් උත්සවශ්‍රීයෙන් විවෘත කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති, ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද ආඥාපති, ශ්‍රී ලංකා වෛද්‍ය බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගී වූහ.

ඉන් අනතුරුව, කඳවුරු පරිශ්‍රයේ පැවති සංගීත ප්‍රසංගයේ නිමාවත් සමඟින් එදිනට නියමිත උත්සව කටයුතු සමාප්ත විය. bridge media | Air Jordan