Header

Sri Lanka Army

Defender of the Nation

15th March 2020 20:11:40 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 7 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරෙයි

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 7 වන සංවත්සරයට සමගාමීව වැඩසටහන් මාලාවක් සංවිධානය කරමින් 2020 මාර්තු මස 14 වන දින එහි සංවත්සරය මහත් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

සංවත්සරට සමගාමීව සිදුකළ ආගමික වැඩසටහන් අතර 2020 මාර්තු මස 13 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී සර්ව රාත්‍රි ‘පිරිත්’ සඡ්ඣායනාවක් පැවැති අතර පසුදින උදෑසන මහා සංඝරත්නය විශයෙහිලා හීල් දානය පිළිගන්වනු ලැබීය.

සංවත්සර දිනයේ (14), මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි ආඥාපතිතුමන් වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පිරිනමනු ලැබීය. තවද, එම සංවත්සරයට සමගාමීව සියලුනිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

රණවිරු රියල් ස්ටාර් ගායකයින් සමඟ මූතුකුමරු ක්‍රීඩාංගණයේ පැවැති සංගීත ප්‍රසංගය සංවත්සර උත්සවයට සහභාගි වූවන් අමන්දානන්දයට පත් කළේය. Buy Kicks | Air Max