Header

Sri Lanka Army

Defender of the Nation

16th March 2020 15:34:28 Hours

58 වන සේනාංකයේ සේනාංකාධිපති ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයෙහි සංචාරයක නියැළෙයි

 

58 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ඉකුත් සඳුදා (16) දින ගම්පොළ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේ මෙහෙයුම් හා කාර්යභාරය පිළිබඳ සොයා බැලීම සඳහා එම මධ්‍යස්ථානයෙහි සංචාරයක නිරත විය.

මෙම පුහුණු මධ්‍යස්ථානය වෙත සපැමිණි 58 වන සේනාංකයේ සේනාංකාධිපති, එම පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් සුසන්ත අමරකෝන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ජීවිතාරක්‍ෂක අංශයේ ප්‍රධාන උපදේශක මේජර් සමන් ධර්මරත්න විසින් එම මධ්‍යස්ථානයේ මෙහෙයුම් හා කාර්යභාරය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරමින් එතුමන් දැනුවත් කරනු ලැබීය. පසුව, 58 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු විසින් භටපිරිස් ආමන්ත්‍රණය කරනු ලැබූ අතර ඔවුන් වෙත සිය සුභපැතුම් ද එක් කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ සිදුකළ සංචාරයෙන් පසුව සේනාංකාධිපති කොත්මලේ ජලාශය අසල පිහිටි ක්ෂේත්‍ර පුහුණු කලාපයේ ද සංචාරය කරනු ලැබීය.

නිලධාරී නිවස්නයේ පැවති දිවා භෝජන සංග්‍රහයක් සමඟ මෙදින වැඩසටහන නිමාවට පත්වූ අතර එම අවස්ථාව සදහා සහභාගී වූූ සියළුම නිලධාරින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සමඟ සුහඳ පිළිසඳරක නිරත විය. මෙම සංචාරය සඳහා 581 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මනෝජ් ළමාහේවා ද සහභාගී විය. trace affiliate link | NIKE AIR HUARACHE