Header

Sri Lanka Army

Defender of the Nation

15th March 2020 19:10:40 Hours

සිවිල් වැසියන් අතර ගැටලු හඳුනාගැනීම සඳහා හමුවක් පවත්වයි

 

අන්තර් පුද්ගල සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම, ප්‍රදේශයේ ආරක්‍ෂාව සහතික කිරීම, නීතිය හා සාමය පවත්වා ගැනීම සහ පුද්ගලයින්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා වූ සිවිල් - හමුදා සම්බන්ධීකරණ හමුවක් වගකිවයුතු රජයේ බලධාරීන්, ප්‍රදේශවාසීන් සහ හමුදා සාමාජිකයින්ගේ මැදිහත්වීමෙන් පසුගියදා අනවිලන්දන්කුලම් 652 වන බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.එම්.එච්.ඩි. බණ්ඩාර ගේ උපදෙස් මත මෙම සම්බන්ධීකරණ සාකච්ඡාව පවත්වන ලදී.  

මෙම හමුවට ආගමික පූජකවරුන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් ඇතුළු රජයේ වගකිව යුතු බොහෝ බලධාරීන් සහභාගී විය. නීතිවිරෝධී ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, සොරකම් ආදිය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්, සිවිල් වැසියන් සහ යුද්ධ හමුදාව අතර බරපතල ගැටලු හඳුනා ගැනීමට මෙන්ම ඒ පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමට මෙම හමුවේදී අවස්ථාව උදාවිය. මෙම හමුවේ මුලසුන 65 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් හෙබවූ අතර මේ සඳහා 652 වන බලසේනාවේ බලසේනාධිපති සහ එම බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් සහභාගී වූහ. latest Running | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival