Header

Sri Lanka Army

Defender of the Nation

15th March 2020 19:30:40 Hours

නව උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා හට සිය රෙජිමේන්තුවේ උපහාරය

මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලබා පසුගිය දින කුරුවිට ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා එහිදී ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරාල් පෙරේරා වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව ගැමුණු හේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක විසින් එතුමන්ව ඉතා උණුසුම් අයරින් පිළිගනු ලැබීය. අනතුරුව, වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් තුමන් අණදෙන නිලධාරිතුමන් සමඟින් සරඹ භූමිය වෙත කැටුව යන ලදී.

මෙම උපහාර ප්‍රදානෝත්සවය සඳහා රෙජිමේන්තු කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ටී. එස්. බන්සජයා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, යුද්ධ හමුදා සාමාජිකයින්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ඇතුළු රෙජිමේන්තු සමුළුවේ සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.

මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා 59 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස දැනට රාජකාරි කටයුතු කරනු ලබයි. Nike shoes | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ