Header

Sri Lanka Army

Defender of the Nation

17th March 2020 21:42:57 Hours

දේවස්ථානයේ මංගල්‍යයට සහභාගී වූ බැතිමතුන්ට භටපිරිස් කෙටි ආහාරපාන සංග්‍රහයක් පිරිනමයි

මූලික ප්‍රජා සත්කාරයක් ලෙස 66 වන සේනාංකය යටතේ ස්ථාපිත 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සහ 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් පසුගියදා පාලතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මංගල්‍යයට සහභාගී වූ බැතිමතුන් 1000 කට අධික පිරිසකට කෙටි ආහාර හා පිරිසිදු පානීය ජලය පිරිනමන ලද අතර එය පසුගියදා නොච්චිමුනෙයි වෙරළ සහ වලයිපඩ්ඩු වෙරළ තීරය ආශ්‍රිතව සිදුවිය.

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්.ඩි. විජේසුන්දර ගේ උපදෙස් මත කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ හමුදා නිලධාරීන් අතර මහජන සම්බන්ධතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම වැඩසටහන පවත්වන ලදී. තවද මෙම ව්‍යාපෘතිය 663 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.එල්.එස්.එස්. ලියනගම ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්විණි. Adidas shoes | New Balance 991 Footwear