15th March 2020 20:10:40 Hours
ශ්‍රී ලංකා පාබල හමුදාවේ නව රෙජිමේන්තු අධිපති ලෙස එම ධූරයේ රාජකාරී භාරගත් මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින සිය රෙජිමේන්තු මූලස්ථානයේදී ඉතා උණුසුම් අයරින් පිළිගනු ලැබීය.
පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි නව රෙජිමේන්තු අධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, රෙජිමේන්තුවේ මංගල වස්තුව වන ‘කණ්ඩුල’ හස්ති රාජයා පෙරටු කරගත් වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමන ලදී.
ඉන් අනතුරුව සිදුකරන ලද ආගමික වතාවත් මධ්‍යයේ සිය කාර්යාලයේ දී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එතුමන් නව ධූරයේ රාජකාරී භාරගත්හ. මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කිරීම ද එතුමන්ගේ සුරතින් සිදුවිය.
රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර පුද කළ නව රෙජිමේන්තු අධිපතිතුමන් සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. ඉන් අනතුරුව, භටපිරිස් ඇමතූ එතුමන් සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය.
මීට අමතරව, මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස ද කටයුතු කරනු ලබයි.
මීට ප්‍රථම රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න නව ධූරයේ රාජකාරී කටයුතු භාරගන්නා ලදී. buy footwear | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf