Header

Sri Lanka Army

Defender of the Nation

15th March 2020 18:50:40 Hours

59, 64 සහ 68 වන සේනාංකයන් වෙතින් මුලතිව් ආරක්‍ෂක සේනා නව ආඥාපතිට උණුසුම් පිළිගැනීමක්

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස සිය ධූරයේ රාජකාරී භාරගත් මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක පසුගියදා එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59, 64 සහ 68 වන සේනාංක මූලස්ථානයන්හි නිල සංචාරයක නිරතවිය.

මෙම සංචාරය අතරතුරදී, යුද හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුර සහ සම්මාන ආචාර පෙළපාලි භටපිරිස් විසින් ආඥාපතිතුමන් වෙත පිරිනමනු ලැබීය. සියලුම සේනාංක මූලස්ථානයන්හි කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ දැනුවත් වූ ආඥාපතිතුමන් මෙම සංචාරය සනිටුහන් කරමින් සියලුම සේනාංක මූලස්ථානයන්හි පැළ රෝපණය කරනු ලැබීය. සේනාංක මූලස්ථානයන්හි සේවයේ නියුතු භටපිරිස් ඇමතූ ආඥාපතිතුමන් අවසානයේ සියලුදෙනා සමඟින් දිවා භෝජන සංග්‍රහයකට ද එක්විය.

59, 64 සහ 68 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් විසින් මෙම සංචාරයන් සංවිධානය කරන ලදී. මෙම සංචාරය සඳහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ. Sports News | Nike Shoes