Header

Sri Lanka Army

Defender of the Nation

16th March 2020 15:00:28 Hours

නව යුග දිවියට එළඹී දෙපලට සුභපැතුම්

කඹුරුපිටිය, ‘අභිමන්සල - 2’ සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන ශ්‍රී ලංකා සංඥා බළකායේ වීරෝදාර රණවිරුවකුගේ වසර 13 ක ආදර කතාවක් මල් ඵල ගැන්වූ සෙනෙහෙබර මොහොත ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින ලයා බීච් හෝටල් පරිශ්‍රයේදී මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

පතිකුලයට පිවිසුන සැරයන් පී.ඩී.පී පතිරන්ගේ 1 වන ශ්‍රී ලංකා සංඥා රෙජිමේන්තුවට අනියුක්තව සේවය කරමින් සිටියදී වන්නි මානුෂීය මෙහෙයුම් අතරතුර එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව සුගන්දිපුරම් හිදී තුවාල ලබා ශාරීරික ආබාධිත තත්ත්වයට පත්වීමෙන් අනතුරුව 10 වන සංඥා බලකාය වෙත අනියුක්ත කරන ලදී. කෙසේවෙතත්, ඔහුගේ ආබාධිත තත්ත්වය, ශ්‍රියානි සන්ධ්‍යා කුමාරි මෙනවිය සමඟ ඇතිකරගත් ප්‍රේම සම්බන්ධයට කිසිදු බාධාවක් නොවීය. මෙම වීරෝදාර රණවිරුවා තවමත් කඹුරුපිටිය ‘අභිමන්සල -2’ හි ප්‍රතිකාර ලබමින් සිටීයි.

චාරිත්‍රානුකූල පැවැති මෙම උත්සව අවස්ථාව සඳහා එම හෝටල් පරිශ්‍රයට විශේෂ අමුත්තන් රැසක් පැමිණ සිටියහ. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මෙන්ම ශ්‍රී ලංක සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය සහභාගී වූ අතර එතුමන් මනමාල පාර්ශවය වෙනුවෙන් විවාහයට අත්සන් තැබීය. මෙම මංගල උත්සවය සඳහා යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නව යුවළගේ දෙපාර්ශවයේ ආරාධිතයින් රැසක් ද සහභාගී වූහ. Nike Sneakers | NIKE