Header

Sri Lanka Army

Defender of the Nation

15th March 2020 20:12:40 Hours

නිරෝධායන කටයුතු හේතුවෙන් තම නිවෙස් වලටම සීමා වී සිටිමට සිදු වේ යැයි අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බව රජය පවසයි

(විශේෂ නිවේදනය)

රට තුළ ‘COVID-19’ වෛරසය ආසාදිත සිද්ධීන් කිහිපයක් අනාවරණය කරගැනීමත් සමඟ නිරෝධායන කටයුතු තම නිවෙස්වල යම් කාලයක් රදවා තබාගැනීමෙන් පිටතට යාමට නොහැකිවේ යැයි මතය මත මහජනතාව විශාල වශයෙන් ආහාර තොග මිලදී ගැනීම සඳහා වෙළඳසැල් සහ වෙළඳපොළවල් වෙත පැමිණෙමින් සිටින බව නිරීක්‍ෂණය වී තිබේ.

මහජනතාව තුළින් මතුවන අනවශ්‍ය භීතිකාවන් හේතුවෙන් තොග වශයෙන් භාණ්ඩ ‘මිලදී ගැනීමේ ඉඩ කඩ’ වෙළඳසැල්වල හා වෙළඳපොලේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයට තුඩු දී ඇති අතර ඇතැම් පුද්ගලයින් විසින් පළ කරන ලද ස්වයං නිරෝධායනය පිළිබඳ අසත්‍ය තොරතුරු හෝ පදනම් විරහිත කටකතා මත මෙම තත්ත්වය උද්ගත වී තිබේ. මේ ආකාරයෙන් ආහාර තොග මිලට ගැනීම අනිවාර්යයෙන්ම අනවශ්‍ය අන්දමේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකට තුඩු දෙනු ඇත.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් පවතින යථා තත්ත්වය පිළිබඳව මහජනතාව දැනුවත් කර තබා ගැනීමටත් නිරෝධායනය කිරීම පිළිබඳ එවැනි සැලැස්මක් නොමැති බවට ප්‍රතික්ෂේප කිරීමටත් නිරෝධායන ක්‍රියාපටිපාටියේ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස කටයුතු කරමින් සිටින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත උපදෙස් ලබාදී ඇත. කෙසේ වූවද කොරෝනා වෛරසය ආසාදනය වූවන් පිළිබඳ අවස්ථා දෙකකදී පමණක් අනාවරණය කරගැනීමෙන් වෛරසය ආසාදනයවීමේ අනුපාතය උපකල්පනය කර ඇති බවක් මින් අදහස් නොකරයි.

මේ අනුව, නිරෝධායන ක්‍රියා පටිපාටිවල නියැලී සිටින සන්නද්ධ හමුදාව හෝ රජයේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් නිවෙස් තුළ මහජනයා නිරෝධායනය කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහජනතාවට කාරුණිකව දන්වා සිටිනු ලැබේ. නිරෝධායනය සඳහා වන ඕනෑම පියවරක් අනාගතයේ දී ක්‍රියාත්මක කිරීමට ප්‍රථම මහජනතාවට කල්තියාම උපදෙස් ලබාදෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදාව සහතික කරයි. (නිමාව)best shoes | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C