10th March 2020 09:10:08 Hours
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආපදා කළමණාකරන ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව හදාරන සිසුන් 13 දෙනෙකුගේ ප්‍රායෝගිය හා න්‍යායාත්මක දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් මාර්තු මස 7 සහ 8 යන දෙදින තුළ පුහුණු වැඩමුළුවක් කොත්මලේ අටබාගේ ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි විද්‍යායතනයේ ඉල්ලීම පරිදි සංවිධානය කරනු ලැබූ මෙම වැඩමුළුවේදී ප්‍රායෝගික සැසි කිහිපයක්ද සිදුකරන ලදී.
මෙම වැඩමුළුව ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් සුසන්ත අමරකෝණ් ගේ අධීක්‍ෂණය යටතේ ආපදා ප්‍රතිචාර සහ ජීවිත ආරක්‍ෂක පුහුණු අංශයන්හී උපදේශක නිලධාරින්ගේ සහය ඇතිව පවත්වන ලදී.
මෙම පුහුණු වැඩමුළුව ශාස්ත්‍රපති උපාධිය හදාරණ සිසුන්ගේ ජීවිත ගලවාගැනීමේ මෙහෙයුම්වල නායකත්වය, අවස්ථාවන්හි අණදීමේ ක්‍රමවේද, ජීවිත ගලවාගැනීමේ මෙහෙයුම්, ප්‍රථමාධාර, විනාශවීම් සෝදිසි කිරීම් හා ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම් පිළිබඳ පුහුණුවත් ලබාදීමේ අරමුණින් පවත්වනු ලැබිණි. Adidas shoes | Nike Air Force 1 , Sneakers , Ietp STORE