Header

Sri Lanka Army

Defender of the Nation

10th March 2020 08:10:08 Hours

යුද්ධ හමුදාවේ සහය ඇතිව කච්චතිව් දේව මංගල්‍යය පවත්වයි

ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බැතිමතුන්ගේ අධ්‍යාත්මික දියුණුව වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ වාර්ෂික කච්චතිව් දේව මංගල්‍යය ශ්‍රී ලාංකික සහ ඉන්දියානු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති අතර ඒ සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් ද සහභාගී වූහ.

මෙම වාර්ෂික මංගල්‍යය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන ත්‍රිත්ව භාෂාවලින් පවත්වන ලදී. මෙම දේව මංගල්‍යය සඳහා ගාල්ලේ බිෂෝප් රදගුරුතුමන්, හිටපු රේමන්ඩ් වික්‍රමසිංහ පූජකතුමන්, ඉන්දියාවේ රදගුරු ශිවගන්ගයි දියෝසීස් අනුනායක පියතුමන්, පූජ්‍ය ජෝෂප් ලෝර්දු රාජා පියතුමන් පැමිණ සිටි අතර යාපනයේ හිටපු බිෂෝප් ජස්ටින් ඥාණප්‍රසාගම් පියතුමන් විසින් මෙහෙයවනු ලැබූ දේව මංගල්‍යය සඳහා බැතිමතුන් විශාල පිරිසක් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ නාවික හමුදාවේ විශාල පිරිසක් ද සහභාගී වූහ.

මෙම දේව මංගල්‍යයේ සියළු කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ සහාය ඇතිව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙහෙයවනු ලැබිණි. Buy Sneakers | Zapatillas de running Nike - Mujer