Header

Sri Lanka Army

Defender of the Nation

08th March 2020 15:07:25 Hours

නව මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති සිය ධූරයේ රාජකාරී අරඹයි

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දීප්තී ජයතිලක ඉකුත් බ්‍රහස්පතින්දා (5) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පිහිටි කාර්යාලයේදී සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයට සපැමිණි නව ආඥාපතිතුමන් වෙත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිසක් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයේ සහ සම්මාන ආචාර පෙළපාලියකින් ගෞරවචාරය පිරිනමනු ලැබීය. අනතුරුව ආඥාපතිතුමන් සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී භාරගනු ලැබීය. මෙම අවස්ථාව සංකේතවත් කරමින් ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළ නව ආඥාපතිතුමන් ඉන් අනතුරුව සියලුනිල තේපැන් සංග්‍රහයකට එක්විය.

මීට ප්‍රථම මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කරනු ලැබූ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති ලෙස රාජකාරි භාරගනු ලැබීමෙන් පුරප්පාඩු වු තනතුර සදහා මෙම ජෙයස්ඨ නිලධාරීයා පත්වනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ඉදිරි නඩත්තු ප්‍රදේශ (මුලතිව්) ආඥාපති, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. Best Authentic Sneakers | Marki