Header

Sri Lanka Army

Defender of the Nation

06th March 2020 14:15:00 Hours

බුත්තල නගරයේ ඩෙංගු මර්ධනය කිරිම සඳහා ශ්‍රමදානමය ව්‍යාපෘතියක් දියත් කරයි

බුත්තල නගරයෙන් ඩෙංගු මර්ධනය කිරිම සඳහා විශේෂ ශ්‍රමදානමය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සමඟ එක්ව ඉකුත් සදුදා (2) දින ශ්‍රමදානමය වැඩසටහනක් දියත් කරනු ලැබීය.

මෙම ශ්‍රමදානමය වැඩසටහන සඳහා සිවිල් වැසියන් සමඟ යුද්ධ හමුදා සාමාජිකයන් 50 කට අධික පිරිසක් සහභාගී වූහ.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ මඟපෙන්වීම මත 12 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්ෂණය යටතේ ව්‍යාපෘතිය දියත් කරනු ලැබීය. Running sneakers | New Balance 991 Footwear