Header

Sri Lanka Army

Defender of the Nation

06th March 2020 14:45:00 Hours

574 බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින් සිවිල් වැසියන් සමඟ එක්ව ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරයි

කිලිනොච්චිය පිහිටි භාරතීපුරම් විද්‍යාලයෙන් කරන ලද ඉල්ලීමකට අනුව 574 වන බලසේනාවේ සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව ඉකුත් බදාදා (4) දින එම පාසල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ ශ්‍රමදානමය වැඩසටහනක් දියත් කරනු ලැබූහ.

මෙම ශ්‍රමදානමය වැඩසටහන 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී. පී. ද සිල්වාගේ උපදෙස් පරිදි 574 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ පවත්වනු ලැබූ අතර‍යුද්ධ හමුදා සාමාජිකයින් සහ එම ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසකගේ සහභාගීත්වයෙන් විද්‍යාලය සහ අවට පරිසරය පිරිසිදු කළහ. Running Sneakers | Mens Flynit Trainers