Header

Sri Lanka Army

Defender of the Nation

06th March 2020 13:54:00 Hours

‘Commando Footslog’ කමාන්ඩෝ රෙජිමේන්තුවේ 40 වන සංවත්සරය ගාලු මුවදොර පිටියේදී අභිමානවත් අයුරින් පැවැත්වීමට සියළු කටයුතු සූදානමින්

‘Commando Footslog’ විශිෂ්ඨත්වයේ 40 වන සංවත්සරය සනිටුහන් කරමින් යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ අභිමානවත් පා ගමන ඉකුත් බ්‍රහස්පතින්දා (5) දින ජනතා අශීර්වාදයන් මධ්‍යයේ දිවයිනේ ප්‍රධාන නගර තුනක් වන මහනුවර, හලාවත සහ ගාල්ල යන නගර තුනක් ආවරණය වන පරිදි ආරම්භ කරනු ලැබීය.

නගර තුනෙන්ම පැමිණෙන කමාන්ඩෝ භටයින්ගේ කණ්ඩායම් තුන සංවත්සර දිනට පෙර දින (7) ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී ඔවුන්ගේ අභිමානවත් පා ගමන අවසන් කිරීමට නියමිතව ඇති අතර කමාන්ඩෝ රෙජිමේන්තුවේ 40 වන සංවත්සරය සමරන ඉරිදා (8) දින ගාලු මුවදොර පිටියේදී කමාන්ඩෝ භටයින්ගේ සුවිශේෂී කුසලතා, නොපසුබට උත්සහය, ධෛර්ය සහ අධිෂ්ඨානය පිළිබිඹු කරමින් ඔවුන්ගේ දස්කම් එළිදක්වනු ලබයි.

ඉකුත් බ්‍රහස්පතින්දා (5) දින මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේදී 1 වන කමානඩෝ රෙජිමේන්තු භටපිරිස් ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව ‘Commando Footslog’ ආරම්භ කර කෑගල්ල‍ දක්වා ගමන්ගත් අතර පසුදින (6) පස්යාල දක්වා ගමන් කරනු ලබයි. කඩුගන්නාව, මාවනැල්ල, අඹේපුස්ස, නිට්ටඹුව, පස්යාල, යක්කල සහ කඩවත යන නගර පසුකරමින් කිලෝමීටර් 100 ක් පමණ දුරකින් යුත් පා ගමන ලබන සෙනසුරාදා (7) දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයෙන් අවසන් වීමට නියමිතව ඇත. කමාන්ඩෝ බලසේනාධිපති බ්‍රිගේඩියර් ශානක රත්නායක මහනුවර නගරයේ දී කමාන්ඩෝ ධජය ඔසවමින් පා ගමන අරම්භ කළේය. මෙම අවස්ථාව සඳහා 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අනදෙන නිලධාරි ලුතිනන් කර්නල් නන්දන අබේකෝන් ද සහභාගී විය.

එසේම, ඉකුත් බ්‍රහස්පතින්දා (5) දින 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් හලාවත දේවගිරි රජ මහා විහාරස්ථානයේ සිදුකරනු ලැබූ ආගමික වතාවත් අවසන් වීමෙන් එතැන් සිට ගනේමුල්ල දක්වා වූ ඔවුන්ගේ පා ගමන ආරම්භ කළහ. මාරවිල, වෙන්නප්පුව, මීගමුව, කටුනායක, සීදූව, ජා-ඇළ, වැලිසර, රාගම සහ වැලිපිල්ලාව නගර පසුකරමින් එම භටපිරිස් ද ලබන 7 වන දින ඔවුන්ගේ රෙජිමේන්තු පරිශ්‍රයෙන් එම පා ගමන සමාප්ත කිරීමට නියමිතව ඇත. 58 වන සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් උපාලි රාජපක්‍ෂ විසින් කමාන්ඩෝ ධජය ඔසවමින් ඔවුන්ගේ පා ගමනේ ආරම්භය සනිටුහන් කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් උපාලි පිලපිටිය ද සහභාගී වූහ.

එමෙන්ම, ඉකුත් බ්‍රහස්පතින්දා (5) දින ගාල්ල නගරයේ මධ්‍යම බස් නැවතුම්පොළ අසළින් පා ගමන ඇරඹු 4 වන කමාන්ඩෝ රෙජිමේන්තු භටපිරිස් හික්කඩුව, අහුන්ගල්ල, අළුත්ගම හා බේරුවල මෙන්ම කළුතර, පානදුර, බම්බලපිටිය, කොළඹ කොටුව පසුකරමින් ගනේමුල්ල දක්වා ගමන් ගැනීමට නියමිතව ඇත. ගාල්ල නගරයෙන් ආරම්භ වූ පා ගමන කිලෝමීටර් 149 ක් පසුකරමින් අවසන් කිරීමට නියමිතව ඇති අතර ගාල්ලෙන් ආරම්භ වූ මෙම සමාරම්භක උත්සවය ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ප්‍රියංකර උබේසිරිවර්ධන සහ 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සමන් පෙරේරා විසින් අධීක්‍ෂණය කරනු ලැබීය.

මෙම ‘Commando Footslog’ සංවත්සර වැඩසටහන් අවසන් වීමෙන් අනතුරුව ලබන ඉරිදා (8) දින පස්වරු 3.00 ට කමාන්ඩෝ රෙජිමේන්තුවේ ප්‍රවීනයින් සහභාගී වන දැවැන්ත පෙළපාලිය බම්බලපිටියේ සිට ගාලුමුවදොර පිටිය දක්වා ගමන් කිරීමට නියමිතව ඇත.

ඉරිදා (8) දින ගාලුමුවදොර පිටියේ දී දුර්ලභ හා වඩා ආකර්ෂණිය සොදුරු සැදැවක් ගත කිරීම වෙනුවෙන් එක්වන ලෙස යුද්ධ හමුදා කමාන්ඩෝ බලකාය මහජනතාවට ආරාධනා කරයි. spy offers | Nike Air Max 270