Header

Sri Lanka Army

Defender of the Nation

06th March 2020 12:54:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය පුහුණු වෙත පැමිණි ඉන්දීය නිලධාරීන් පිරිස සාදරයෙන් පිළිගනී

ඉන්දීය අධ්‍යක්‍ෂ ජෙනරාල් කාර්ය මණ්ඩල නියෝජනය කරමින් පැමිණි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකුගෙන් යුත් දූත පිරිස අරක්‍ෂක සේනා මූලස්ථානය පුහුණු සේනාවිධායක මේජර් ජෙනරාල් සුරාජ් බංසජයා නියෝජනය කරමින් මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී ඉකුත් බ්‍රහස්පතින්දා (5) දින උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයෙන් ඉන්දියානු හමුදාවේ බ්‍රිගේඩියර් අරුන් කුමාර් භාරද්වාජ් (Brigadier Arun Kumar Bharadwaj) සහ කර්නල් මුඩිත් මහජාන් (Colonel Mudit Mahajan) දිවයිනට පැමිණියේය.

මෙම සුහද හමුව අතරතුර මේජර් ජෙනරාල් වඩුගේ සහ ජ්‍යෙෂ්ඨ ඉන්දීය නිලධාරීන් අතර දිවිපාර්ශවීය කරුණු පිළිබඳ සුහඳව අදහස් හුවමාරු කරගත් අතර හමුව අවසානයේ මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ඉන්දීය නිලධාරීන් දෙදෙනාට සමරුතිළිණ ප්‍රදානය කළේය. Sports brands | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ