Header

Sri Lanka Army

Defender of the Nation

04th March 2020 15:22:30 Hours

581 වන බලසේනාව වසර පහක් සපුරයි

බූස්ස පිහිටි 581 වන බලසේනා මූලස්ථානය වැඩසටහන් රැසක් පවත්වමින් එහි 5 වන සංවත්සරය සමරනු ලැබීය.

ඒ අනුව, යුද්ධ හමුදා භටපිරිස් ඉකුත් බදාදා (26) දින සමරසිංහ වැඩිහිටි නිවාසයේ සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූ අතර පසුදා (27) විශේෂ බෝධි පූජා පිංකමකට ද සහභාගී වූහ.

එමෙන්ම, සංවත්සර දිනයේදී (මාර්තු 3) එම බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් බලසේනා ධජය එසවීමෙන් අනතුරුව භටපිරිස් අමතනු ලැබීය. ඉන් අනතුරුව පැවති සියලුනිල දිවා ආහාරය සඳහා ද එතුමන් සහභාගී විය.

එදින සන්ධ්‍යාවේදී, බලසේනාධිපතිගේ ප්‍රධානත්වයෙන් යුත් භටපිරිස් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් පවත්වමින් සංවත්සර කටයුතු අවසන් කරනු ලැබීය.Asics footwear | Hats to Match Jordans Hyper Royal Bulls Hat