04th March 2020 15:40:30 Hours
පුත්තලම පිහිටි 58 වන සේනාංක මූලස්ථානයේ 15 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ඉකුත් බදාදා (4) දින සිය කාර්යාලයේදී රාජකාරි කටයුතු අරඹනු ලැබීය.
එම මූලස්ථාන පරිශ්‍රයට සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, එම අවස්ථාවට සැමරුමක් එක්කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කරන ලදී.
පසුව, නව සේනාංකාධිපතිතුමන් විසින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් සිය කාර්යාලයේ රාජකාරි භාරගනු ලැබීය. අනතුරුව, හමුදා සම්ප්‍රදායන්ට අනුව භටපිරිස් ඇමතූ එතුමන් රාජකාරි ඉටු කිරීමේදී සියළුදෙනාගේ සහයෝගය ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාව සඳහා එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින්, බලසේනාවේ නියෝජිතයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අණදෙන නිලධාරින් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ.
මේ අතර, පුත්තලම, සින්නවිල්ලුවත්ත පිහිටි 58 වන සේනාංක මූලස්ථානයේ 14 වන සේනාංකාධිපති ලෙස රාජකාරි ඉටු කළ මේජර් ජෙනරාල් කේ.එච්.පී.පී ප්‍රනාන්දු ඉකුත් සඳුදා (2) දින එම ධූරයෙන් නික්ම ගිය අතර එම සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමක් ද එතුමන් වෙත පිරිනමනු ලැබිණි.
එහිදී, නික්ම යන සේනාංකාධිපති වෙත 1 වන විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමන ලදී.
ඉන් අනතුරුව, නික්ම යන සේනාංකාධිපති භටපිරිස් ඇමතු අතර මෙම අවස්ථාව සඳහා එම සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපතිතුමන්, 581 සහ 583 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ 58 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් සහභාගී වූහ.Authentic Nike Sneakers | New Balance 991 Footwear