Header

Sri Lanka Army

Defender of the Nation

04th March 2020 15:23:30 Hours

14 වන සේනාංකයේ භටපිරිස් ආපදා කළමනාකරණය පිළිබඳ දැනුවත් වෙයි

කොළඹ 2 පිහිටි 14 වන සේනාංක මූලස්ථාන දේශන ශාලාවේදී ඉකුත් බදාදා (4) දින ආපදා කළමනාකරණය පිළිබඳ පැවති වැඩමුළුවකට එම සේනාංකයේ භටපිරිස් සහභාගී වූහ.

මෙම වැඩමුළුවේදී ආපදාවල ස්වභාවය, ආපදා මෙහෙයුම්, ක්‍ෂණික යෙදවීම් ඇතුළු ආපදා කළමණාකරණය කිරීම සඳහා වූ දැනුවත් විය යුතු අනෙකුත් සියළුම ක්‍රියාමාර්ග පිළිබඳව භටපිරිස් දැනුවත් විය.

මෙම දේශනය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (මෙහෙයුම් මැදිරියේ) එස්. හපුආරච්චි මහතා සහ ශ්‍රී ලංකා නාවික හමුදා අණදෙන නිලධාරී ආර්. එල් බාලසූරිය මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ නිලධාරී විසින් මෙහෙයවන ලදී.

යුද්ධ හමුදා නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා භටපිරිස් 84 දෙනෙකු සහභාගී වූ මෙම දේශනය 14 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් අධීක්‍ෂණය කරන ලදී.best shoes | adidas Campus 80s South Park Towelie - GZ9177