04th March 2020 15:35:30 Hours
මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් බඳාදා (4) දින නික්මයන මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න වෙත සිය සුභාශිංෂනයන් පිරිනමන ලදී.
මේ අනුව නික්ම යන මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වෙත 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය. අනතුරුව එම අවස්ථාවේදි එතුමන් විසින් මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් අමතා දේශනයක්ද පවත්වන ලදී.
මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිගේ නික්මයාම වෙනුවෙන් සුභපැතුම් පිරිනැමීමට එක්ව සිටියහ.
මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිහ්‍රයේ පැවති මෙම නික්මයාමේ උත්සවයට පෙර මේජර් ජෙනරාල් සෙනෙවිරත්න ඉකුත් පෙබරවාරි මස 29 දින සිට මාර්තු 02 දක්වා කාලය තුළ 64, 59 සහ 68 වන සේනාංකයන්හි සංචාරයක ද නිරත විය. Adidas footwear | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK