Header

Sri Lanka Army

Defender of the Nation

04th March 2020 15:25:30 Hours

141 වන බලසේනාවේ නව බලසේනා‍ධිපති රාජකාරි අරඹයි

 

වේයන්ගොඩ ස්ථාපිත 141 වන බලසේනා මුලස්ථානයේ නව බලසේනාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එල්.කේ.පී.සී විජේතුංග ඉකුත් බඳාදා (04) දින එම බලසේනා මුලස්ථානයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.  

නව බලසේනාධිපතිතුමන් මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය කාර්යාලයේදී නව ධූරයේ රාජකාරී භාරගන්නා ලදී.  

මෙම අවස්ථාව සංකේතවත් කරමින් එතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළ අතර අනතුරුව භඨ පිරිස් අමතනු ලැබීය. බලසේනා මූලස්ථානය වෙත සපැමිණි එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා බලසේනාවට අයත් අණදෙන නිලධාරීන්, අංශ අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිළයින් සහභාගි වුහ. Sports Shoes | NIKE HOMME