Header

Sri Lanka Army

Defender of the Nation

03rd March 2020 16:00:43 Hours

කාලතුවක්කු බලසේනාවේ නව බලසේනාධිපති සිය රාජකාරි කටයුතු අරඹයි

 

කාලතුවක්කු බලසේනාවේ 22 වන බලසේනාධිපති ලෙස කර්නල් චමිල මුණසිංහ ඉකුත් අඟහරුවාදා (3) දින පනාගොඩ පිහිටි කාලතුවක්කු බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.  

එම බලසේනා මූලස්ථානය වෙත සපැමිණි නව බලසේනාධිපතිතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියස දී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබිණි. ඉන් අනතුරුව, සෙත් පිරිත් සඡ්ඣායනාව මධ්‍යයේ එතුමන් සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබිණි.  

මීට ප්‍රථම බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න විසින් මෙම ධූරයේ රාජකාරි හෙබවූ අතර එතුමන් මේ වන විට යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි කරනු ලබයි. Buy Kicks | Nike News