Header

Sri Lanka Army

Defender of the Nation

04th March 2020 15:21:30 Hours

මේජර් ජෙනරාල් දේශප්‍රිය ගුණවර්ධන වෙත සිය රෙජිමේන්තුවේදී උණුසුම් පිළිගැනීමක්

 

අභිනවයෙන් උසස්වීම් ලද ගැමුණු හේවා බලඇණියේ මේජර් ජෙනරාල් දේශප්‍රිය ගුණවර්ධන ඉකුත් සිකුරාදා (28) දින සිය රෙජිමේන්තු මූලස්ථානයේදී සුබපැතුම් සහ ගෞරවාචාර මධ්‍යයේ පිළිගනු ලැබීය.  

එම මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. ඉන් අනතරුව, එතුමන් වෙත හමුදා ගෞරවාචාර පිරිනැමීම සඳහා සරඹ භූමිය වෙත කැටුව යනු ලැබූ අතර එහිදී, හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමනු ලැබිණි. පසුව, එතුමන් පෙළපාලියේ අණදෙන නිලධාරී සමඟ සම්මාන ආචාර පෙළපාලිය නිරීක්‍ෂණය කළහ.

මෙම අවස්ථාව සඳහා ගැමුණු හේවා බළකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටී.එස් බන්සජයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසු නිලයින් මෙන්ම එතුමන්ගේ පවුලේ සාමාජිකයින් ද සහභාගී වූහ.  

මේ වන විට මේජර් ජෙනරාල් දේශප්‍රිය ගුණවර්ධන යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ පාබල වශයෙන් රාජකාරි කරයි. Sportswear Design | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News